බාලදක්ෂ ව්‍යාපාරය මෙලොවට දායාද කළ ඒ ශ්‍රේෂ්ඨ මිනිසා ගේ ජිවිත කතාව මෙසේ දිගහැර දක්වමු.
1857 පෙබරවාරි මස 22 දා ලන්ඩනයේ උපන් බේඩන් පවල් සාමිතුමා, ස්ටැන්හොප් වීදියේ අංක 6 නිවසේ තමපවුලේ සමාජිකයන් සමග ජීවත්විය. එතුමාගේ පියා මහාචාර්ය බේඩන් පවල් විද්‍යාඥයෙකි.හෙතෙම සොබාදහම්වාදියකු මෙන්ම දේවගැතිවරයෙක්ද විය.
සිය දෑතින්ම චිත්‍ර ඇදීමට, ලිවීමට හා කටු සටහන් ඇදීමට දක්ෂයෙකු වු රොබට් සංගීතයට මෙන්ම ගායනයටද උපන් හපනෙක් විය. ටම්බ්‍රිජ්වෙල්හි රෝස්හිල් පාසැලට වයස අවුරුදු 11 දී ඇතුළු වු ඔහුට වනජීවිතය ගැන කුඩා කලම අධ්‍යයනය කිරීමට ලැබුණි. 1869 දී ශිෂ්‍යත්වයක් ලැබ ලන්ඩනයේ චාටර් හවුස් විදුහලට ඇතුළු වු බී.පී. පාසල් භූමියෙන් පිටත පිහිටි වනරොදට රහසින් ගොස් නිසොල්මනේ කැලෑවට රිංගා සතුන් අධ්‍යයනය කිරීමට පුරුදු විය. විවේකයක් ලැබුණු විට පාගමන් යාමද ඔහුගේ සිරිත විය. තමාගේ ආහාර පිළියෙළ කිරීම, සිතියම් භාවිතා කිරීම, කතාසිතියම් ඇදීම, කාර්මික ආයතන නැරබීම ආදියෙන් නොයෙක් අත්දැකීම් ලැබීය. වයස අවුරුදු 19 දී ඔහු යුද හමුදාවට බැදුනේ අහම්බෙනි.
යුද හමුදාවට බඳවා ගන්නා සම්මුඛ පර්යේෂණයෙන් 718 දෙනෙකු අතරින් පාබල අංශයෙන් පස්වන ස්ථානයත්, අශ්වාරෝහක අංශයෙන් දෙවන ස්ථානයත් ලබා ඉතා උසස් අන්දමින් සමත් විය. සති කීපයක් ආර්.එස්.එස්. බේඩන් පවල් උප ලුතිනන්වරයාට ඉන්දියාවට යාමට සිදුවිය. දස වසක් ඉන්දියාවේ ගත කළහ. සොල්දාදුවෙකු වශයෙන් අත්දැකීම් රාශියක් ලබාගත් මෙතුමා ප්‍රායෝගික බාලදක්ෂ ක්‍රම මුලින්ම ඉගෙනගත්තේ ඉන්දියාවේදීය. බාලදක්ෂ ව්‍යාපාරයේ අධ්‍යයන ක්‍රමය හෙළිදරව් කරන “ ස්කවුටින් ෆො බෝඉස් ” (Scouting for Boys) පොත ලිවීමට පදනම දමාගත්තේද ඉන්දියාවේදීය.
දකුණු අප්‍රිකාවේ කලබල තත්වයක් ඇතිවීම හේතුවෙන් එතුමාට ඉන්දියාවේ සිට 1884 දී දකුණු අප්‍රිකාවේ නතාල් වරායට යාමට සිදුවිය. එතුමාට නියම වුයේ ඩ්‍රැකන්ස්බර්ග් කන්ද හරහා රෙජිමේන්තුවට ගමන් කිරීමට යෝග්‍යතම මාර්ගය සෙවීමයි. බී.පී. තුමා අවශ්‍ය තොරතුරු සපයා ගැනීමට පුවත්පත් කලාවේදියෙකු මෙන් වෙස්ලාගෙන සැතපුම් 600 ක් අසුපිට ගමන් කර ඇත.
මැෆකින් බේරාගැනීම |
1887 දකුණු අප්‍රිකාවේ කේප් ටවුමට යාමට මෙතුමාට සිදුවිය. බී.පී. තුමා එහිදී සුලුනායක ඩිනිසුලු ඇල්ලීමට නියමවිය. සුලු නායකයාගේ ගෙල පැළැදි ලී ඇට මාලය මෙතුමා අතට පත්විය. පසුව මෝල්ටාවේ, තුර්කියේ හා අයර්ලන්තයේ රාජකාරි කළ මෙතුමා හමුදාවේ ඉතාමත් ජනප්‍රිය පුද්ගලයෙක් විය. බී.පී. තුමා දකුණු අප්‍රිකාවේ ගත කළ කාලය තුල උගත් දේ බොහෝය. අප්‍රිකානුවන්ගේ දිවි පෙවෙත කෙතරම් ස්වභාවිකත්වයෙන් යුක්ත දැයි එතුමා තේරුම් ගත්තේය.
ගෝත්‍රික ජනයාගේ අව්‍යාජභාවය සහ එඩිතරකම බී.පී.තුමාගේ සිත් ගත්තේය. බාලදක්ෂ ව්‍යාපාරයේ අධ්‍යයන ක්‍රමයට මේ හමුදා දිවියේ ලත් අත්දැකීම් පාදක විය.
මැෆකින් යුද්ධය ආරම්භ විය1899 ඔක්තේම්බර් 13 සිට දින 217 මෙතුමා අසීමිත සතුරු සංඛ්‍යාවක් සිටි මැෆකින් නගරය වටලා සිටියේය. මැෆකින් බේරාගැනුනි. මේ ආරංචිය කණ වැටුණු බ්‍රිතාන්‍යයන් උද්දාමයට පත්විය. මෙතුමා මැෆකින් වීරයා යන අන්වර්ත නාමයෙන් හැදින්වන්නට පටන් ගැණුනි.. මැෆිකිං නගරය බේරාගැනීමේදී ඔහු හා එක්ව සිටියේ ළාබාල සොල්දාදුවන්ය. ධෛර්යවන්තකම හා නායකත්වය නිසා ප්‍රසංසාවට ලක්වූ මෙතුමාට ආධුනිකයින් පුහුණු කිරීමේ කාර්යයභාරය පැවරිණි. නවමං ඔස්සේ ළාබාල සොල්දාදුවන් පුහුණු කිරීමේදී මෙතුමා සතු ඉතා ඉහළ සංවිධාන ශක්තිය කැපී පෙනිණි. B.P.තුමන් 1901 දී මෙතුමා නැවතත් එංගලන්තයට පැමිණියේය. මෙහිදී ඔහු විසින් යුධබටයන් සදහා රචනා කර තිබූ කෘතියක් පාසැල් ළමුන් අතර ජනප්‍රිය වී තිබුණු බව දැකගන්නට ලැබුණි. එසේනම් ළමයින් සදහාම ලියූ කෘතියක් වීනම් කෙතරම් ළමයින් උදෙසා ප්‍රයෝජනවත් වේ දැයි සිතා තමන් ඉන්දියාවේදී , අප්‍රිකාවේදී ලැබූ අත්දැකීම් ඒකරාශී කරගනිමින් ළමයින් හට ශක්තිමත්ව වැඩෙන්නට උපදෙස් දීම සදහා පොතක් රචනා කිරීමට පෙළඹුණි.
මේ ආකාරයෙන් ළමයින් අතර බාලදක්ෂ ව්‍යාපාරයෙහි අදහස දියුණු වෙමින් ගියේයග ඒ අනුවඑම අදහස පොතකට හෝ සිතිවිල්ලකට සීමා නොකොට ක්‍රියාත්මක කිරීමට වගබලාගත්තේය. බාලදක්ෂ ව්‍යාපාර කෙමෙන් ආරම්භ වන්නට පටන්ගැණුනි. එංගලන්තයේ ඉංග්‍රීසි ඕඩයේ බ්‍රවුන්සි දූපතේදී 1907 දී පළමු බාලදක්ෂ කදවුර ළමයින් 20 දෙනෙක් පමණ සහභාගී කරවාගනිමින් පැවැත්වීය.
බාලදක්ෂ විද්‍යාව 1908 ජනවාරි 15 වන බදාදා සිට නිකුත්වන්නට පටන් ගැණිනි. ඒ දෙසතියකට වරක් පළවන සගරාවක් ලෙසිනි.
ප්‍රථම බාලදක්ෂ රැළිය |
බාලදක්ෂ ව්‍යාපාරය 1910 වන විට කොතරම් සාර්තකත්වයට පත්වී තිබුණේද යත් බී.පී තුමන්ගේ ජීවිතයම ඒ සහදා වැයවන බව ඔහ්ට දැණුනි. ඒ වන විට ඔහු ලුතිනන් ජෙනරල් තනතුර දක්වා උසස්වීම් ලැබ සිටියත් ඔහු බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කාලය වැය කිරීම සදහා හමුදා සේවයෙන් ඉල්ලා අස්විය. එමෙන්ම බාලදක්ෂ ව්‍යාපාරයේ නිරත දරුවන්ගේ ආදරය ගෞරවය දිනාගනිමින් එහි ඵල නෙළාගත්තේය.
මෙතුමා 1912 දී ලොවවටා බාලදක්ෂයින් හමුවිම සදහා ලොකය වට චාරිකා කිරීම ආරම්භ කළේය.1920 දී ලොකයේ සියළුම බාලදක්ෂයින් එංගලන්යේදී හමුවී පළමු ලෝක බාලදක්ෂ ජැම්බරිය පැවැත්වීය. එහිදී බී.පි තුමන් ලෝක බාලදක්ෂ නායකයා ලෙස පත්විය. මේ අවස්ථාවේදී පස්වන ජෝර්ජ් රජතුමා විසින් බී.පී. තුමන් ගිල්වෙල්හීබේඩ්න් පවෙල් සාමි යන වංශාධිපති තනතුරකින් පිදුම් ලබනු ලැබීය.
වයස අවුරුදු 80 පමණ වන විට බී.පී තුමන් ක්‍රමයෙන් ශරීර ශක්තියෙන් පිරිහෙන්නට පටන් ගැණුනිග ඔහු අප්‍රිකාවට ගියේය. ඒ ඔහුගේ බාර්යාව වු බේඩ්න් පවෙල් මැතිණියද සමගය. ඔවුහු කෙන්යාවේ චමත්කාරජනක පරිසරයක් වාසයට තෝරා ගෙන එහි ජීවත් විය. 1941 ජනවාරි 08 වන දින බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘතුමන් පරලෝ සැපත්වන්නට විය.
Wow
ReplyDeleteටජව
Delete