කැකිරාව මැදි විදුහල් බාලදක්ෂයින්ගේ තොරතුරු , පුවත් , ක්‍රියාකාරකම් සහ බාලදක්ෂ තොරතුරු ඇතුළත් නිළ වෙබ් පිටුව වෙත සාදරයෙන් පිළිගනිමු.

Wednesday, September 13, 2017

පදවිය අලිවංගුව බාලදක්ෂයින්ගේ තුන්වන මිත්‍රත්ව කදවුර


                                                                                     අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී බාලදක්ෂ කණ්ඩායමක් වන අ/පදවිය අලිවංගුව විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම විසින් තුන්වන වරටත් සංවිධානය කරනු ලැබූ මිත්‍රත්ව කදවුර , 2017 ජූනි මස 16,17,18 යන තෙදින පුරාවට පදවිය අලිවංගුව මහා විද්‍යාලයීය ක්‍රිඩා පිටියේදී පවත්වන්නට යෙදුණි. අනුරාධපුර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ සහකාර දිසා කොමසාරිස් ( වැඩසටහන් ) බණ්ඩාර පොඩිනිළමේ මහතා විසින් මෙම කදවුර සංවිධානය කර තිබූ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී බාලදක්ෂ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මෙම මිත්‍රත්ව කදවුර සදහා සහභාගී වූහ. කදවුරේදී බාලදක්ෂයින්ට අභියෝගාත්මක ගවේශණයන් , වනවාසියාගේ ක්‍රමයට ආහාර පිසීම , බාලදක්ෂ සරඹ ක්‍රම , ව්‍යායාම සහ ක්‍රිඩා වැනි අංශයන් පිළිබදව අත්දැකීම් ලබාගන්නට හැකි විය. කදවුරේ ප්‍රධාන ආරාධිතයා උතුරුමැද පළාත් ආණ්ඩුකාර ගරු පී.බී.දිසානායක මහතා වූ අතර මෙහිදී ජනාධිපති බාලදක්ෂයෙකු හට පදක්කම් පැළදවීමක් සහ 2016 වසරේ සාමාන්‍ය පෙළ ඉහළ ප්‍රතිඵළ ලබාගත් දිස්ත්‍රික්කයේ බාලදක්ෂයන් ඇගයීම ද ,බාලදක්ෂ ව්‍යාපාරයට මහගු සේවයක් කළ බාලදක්ෂ ආචාර්යවරුන් ඇගයීම ද ආණ්ඩුකාරතුමන් අතින් සිදුවිය. 



                                                                                       මිත්‍රත්ව කදවුර 2017 තුන්වන ස්ථානය - තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂයින් විසින් දිනාගනු ලැබූ අතර දෙවන ස්ථානය අ/ නිවත්තකචේතිය මහා විද්‍යාලයීය බාලදක්ෂයින් හිමිකර ගනු ලැබීය. කදවුර තුළ සමස්ථ කදවුරු ශූරතාවය කැකිරාව මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂයින් විසින් දිනාගත් අතර කැකිරාව මධ්‍ය විද්‍යාලයේ කවිදු මධුමාධව බාලදක්ෂයා හොදම බාලදක්ෂයා වශයෙන් තේරී පත්විය.කදවුර සදහා අනුරාධපුර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ ගරු දිසා කොමසාරිස් කේ.ඩී.ඒ.සී. දසනායක මහතා , පදක්කම් ලේකම් එන්.ඩී. රැටියල මහතා ,එස්.සී. නවරත්න මහතා ඇතුළු ලී පදක්කම් නායක , නායිකාවන් රැසක් සහභාගී වුහ. කදවුර සංවිධානය කිරීමේදී අනුග්‍රාහකත්වය සැපයූ අනුරාධපුර රෝහලේ විශේෂඥ්‍ය වෛද්‍ය , රජරට විශ්ව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්‍ය කිත්සිරි සේනානායක මහතා ඇතුළු සෙසු අනුග්‍රාහකයින්ටත්, නන් අයුරින් උපකාර වූ සැමටත් ස්තුතිය පළකර සිටිමු. තවත් මෙවැනි කදවුරු සංවිධානය කරමින් අනුරාධපුර දිස්ත්‍රික් බාලදක්ෂයින්හට අත්දැකීම් ලබාදෙන්නට සහකාර දිසා කොමසාරිස් බණ්ඩාර පොඩිනිළමේ මහතාට ධෛර්‍ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.





ඔබට ආනන්දනීය වික්‍රමයක්ම වේවා ....

No comments:

Post a Comment