අනුරාධපුර දිස්ක්‍රික්කය තුළ බාලදක්ෂ කටයුතු වල අතීත පියසටහන් සොයමින් අපට බොහෝ දුර ගමන් කරන්නට විය. දිසාවේ බාලදක්ෂ කටයුතු පිළිබද සොයා බැලූ අපට පෙනී ගියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බාලදක්ෂ කටයුතු වල ඉතිහාසය 1948 - 50 තරම් ඈත කාල වකවානුවකට දිවයන බවයි. ඒ පිළිබදව තොරතුරු මෙසේය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ බාලදක්ෂ කටයුතු ක්‍රියාත්මක වීමේදී මුල් කාලීනව දිස්ත්‍රික්කයක් වශයෙන් එය පාලනය වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය යටතේ ක්‍රියාත්මක වූවක් ලෙසිනි. මෙහිදී තුන් මෝදර රටේ මහත්තයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ බාලදක්ෂ කටයුතු භාරව කටයුතු කර ඇත.
1948 දී තුන් මෝදර රටේ මහත්තයා පළමු දිසා කොමසාරිස්තුමන් ලෙසට පත්වෙමින් අනුරාධපුර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයක් ආරම්භ කොට බාලදක්ෂ කටයුතු පවත්වාගෙන යන ලදි. සහාය දිසා කොමසාරිස්වරුන් ලෙස ආයුපාල මහතා සහ N.D.J.ගුණතිලක මහතා කටයුතු කර ඇත.
1950 ගණන් වලදී පළවන අනුරාධපුර බාලදක්ෂ සමූහය ලෙ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂ සමූහයත් , දෙවන අනුරාධපුර බාලදක්ෂ සමූහය ලෙස අ/ සාන්ත ජෝශප් විද්‍යාලයීය බාලදක්ෂ සමූහයත් , තුන්වන අනුරාධපුර බාලදක්ෂ සමූහය ලෙස අ/ මහාබෝධී විද්‍යාලීය බාලදක්ෂ සමූහයත් , හතරවන අ/ බාලදක්ෂ සමූහය ලෙස අ/ නුවරවැව මහින්ද විද්‍යාලයීය බාලදක්ෂ සමූහයත් බාලදක්ෂ කටයුතු ආරම්භ කල බව සදහන්ව ඇත.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ බාලදක්ෂයින් (1960) |
1960 දෙවන දිසා බාලදක්ෂ කොමසාරිස්තුමන් ලෙස ටී.බී.වේරපිටිය මහතා පත්විය.
1963 දිසා බාලදක්ෂ මූලස්ථානයට මුල්ගල තැබීම සිදුවිය.
1965 තුන්වන දිසා බාලදක්ෂ කොමසාරිස්තුමන් ලෙස සමරතුංග මහතා පත්විය.
1967 හතරවන දිසා බාලදක්ෂ කොමසාරිස්තුමන් ලෙසට කපිතාන් W.H.I. මෙන්ඩිස් මහතා පත්වූ අතර ඔහුගේ ධූර කාලය තුළ අනුරාධපුර දිසාබාලදක්ෂ මූලස්ථානය විවෘත කිරීම හා ගෙවිදීම සිදුකෙරිණි.
1968/69 කාලය තුළ රාජගුරු මහතා දිසා බාලදක්ෂ කොමසාරිස්තුමන් ලෙසට කටයුතු කර ඇත.
1970 සමරදාස මහතා දිසා බාලදක්ෂ කොමසාරිස්තුමන් ලෙසට පත්විය.
1974/75 කාලය තුළ J.B.N.N. තෙන්නකොන් මහතා දිසා බාලදක්ෂ කොමසාරිස්තුමන් ලෙසට කටයුතු කර ඇත.
1976 K.M.රෙජිනෝල්ඩ් ඇලෙක්සැන්ඩර් මහතා දිසා බාලදක්ෂ කොමසාරිස්තුමන් ලෙස කටයුතු කළේය.
1977 J.W. අබේවර්ධන මහතා දිසා බාලදක්ෂ කොමසාරිස්තුමන් ලෙස කටයුතු කළ අතර මෙතුමාගේ කාලයේදී දිසා බාලදක්ෂ මූලස්ථානය නවීකරණය වීම හා වැඩ ප්‍රතිසංස්කරණය කිරීම සිදුවිය.
1983 G.B.S.වීරවික්රම මහතා දිසා බාලදක්ෂ කොමසාරිස්තුමන් ලෙස කටයුතු කළ අතර 3වන ජාතික බාලදක්ෂ ජැම්බරිය අ/වලිසිංහ හරිස්චන්ද්‍ර පිටියේදී පැවැත්වීම දිස්ත්‍රික් බාලදක්ෂ ඉතිහාසයේ සුවිශේෂි සංධිස්ථානයක් ලෙසට දැක්විය හැකිය.
ජනාධිපතිතුමන් ජම්බෝරිය විවෘත කිරීම |
මෙම ජම්බෝරිය 1983 පෙබරවාරි 26 සිට මාර්තු 04 දක්වා පුරාදින 06ක් මුළුල්ලේ දේශීය බාලදක්ෂයින් 3000 ක්ද විදේශීය බාලදක්ෂයින් 500කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලාංකාවේ එවකට ජනාධිපත්වරයා ලෙස මෙන්ම ප්‍රධාන බාලදක්ෂයා ලෙසද කටයුතු කළ ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා ඇතුළු ආසියා පැසිෆික් කලාපීය සම්භාවනීය අමුත්තන් රැසක් ද නේපාලය, හොංකොං, ඉන්දියාව ඇතුළු සාක්කලාපීය රටවල් වල බාලදක්ෂයෝ සහභාගී වූහ. ජම්බෝරියේ වියදම් සදහා අවශ්‍යව තිබූ ලක්ෂ හතර හමාරක පමණ මුදලක් එක් රැස් කිරීම සදහා ජනාධිපතිතුමා සෘජුව දායකත්වය දැක්වීම සුවිශ්ෂි කරුණකි.
ජැම්බෝරියෙන් පසුව වලිසිංහ හරිස්චන්ද්‍ර පිටිය අවට මෙම ප්‍රදේශය ජැම්බරි පෙදෙස ලෙස නම් කර තිබුණි.
ජැම්බෝරියෙන් පසුව වලිසිංහ හරිස්චන්ද්‍ර පිටිය අවට මෙම ප්‍රදේශය ජැම්බරි පෙදෙස ලෙස නම් කර තිබුණි.
1988 දිසා බාලදක්ෂ කොමසාරිස්තුමන් ලෙස W.D.වික්‍රමසිංහ මහතා පත්විය.
1993 දිසා බාලදක්ෂ කොමසාරිස්තුමන් ලෙස D.M.බන්දුල සෙනෙවිරත්න මහතා පත්විය.
1999 දිසා බාලදක්ෂ කොමසාරිස්තුමන් ලෙස R.H.M.ගාමිණි පුෂ්පකුමාර මහතා පත්විය.
2005 A.K.S.අනුර ද සිල්වා මහතා දිසා බාලදක්ෂ කොමසාරිස්තුමන් ලෙස පත්විය.
2013 දී K.D.A.C. දසනායක මහතා දිසා බාලදක්ෂ කොමසාරිස්තුමන් ලෙස වැඩ භාරගත් අතර වත්මන් දිසා බාලදක්ෂ කොමසාරිස්තුමන් ලෙස තවදුරටත් කටයුතු කරමින් පවතී.
මෙම යුගයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ජනාධිපති පදක්කම්ලාභී බාලදක්ෂයින් 24 දෙනෙකු බිහිවූ අතර ඉන් 14 දෙනෙක් සාන්ත ජෝශප් විදුහලෙන් බිහිවිය. ඉන් 11 දෙනෙකු 2010 වසරේදී බිහිවූ අතර අ/ සාන්ත ජෝශප් විද්‍යාලයෙන් බිහිවූ ජනාධිපති බාලදක්ෂයින් 14 දෙනාම එවකට ස.දි.කො. ව සිටි K.D.A.C. දසනායක මහතාගේ නායකත්වයෙන් බිහිවිය.
අනුරාධපුර දිසා බාලදක්ෂ කොඩිය සහ ලාංඡනය
අනුරාධපුර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ නිළ ලාංඡනය හා කොඩියෙහි සැකැස්ම යන ද්විත්වයේම එක සමාන සලකුණක් වශයෙන් පවතී. දිසා බාලදක්ෂ කොඩිය මෙරූන් වර්ණයෙන් සමන්විත වන අතර වටේටම කහ පැහැති තීරුවක් දිස්වෙයි. මැදට වන්නට පෙනෙන්ට ඇත්තේ දිසා බාලදක්ෂ ලාංජනයයි.
දිසා බලෙදක්ෂ ලාංඡනයේ මෙරූන් වර්ණයෙන් සමන්විත පසුබිමක සියළු සංකේත රත්ත්රං කහ පැහැයෙන් සලකුණු කොට ඇත. ලාංඡනය වටේට චතුරශ්රාකාර තීරු රටාවක් වන අතර දකුණු පස යටි කෙළවරේ ලෝක බාලදක්ෂ ලාංඡනයයි. මැදට වන්නට කුඩා කහ පැහැති තීරුවකින් සහ කෙළවර සතර බාලදක්ෂ ලාංඡන හතරකින් වටවූ ගජ සිංහයෙකි.
No comments:
Post a Comment