රටපුරා විසිරී සිටින බාලදක්ෂයින්ගේ කුසලතා ආකල්ප වැඩිදියුණූ කරමින් බාලදක්ෂයින් පුරෝගාමී ධීර ක්‍රියාකාරකම් ආශ්රිත එළිමහන් ජීවිතයකට හුරුකිරීම අරමුණු කරගනිමින් කැකිරාව මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂ සමූහය මගින් දීපව්‍යාප්ත මට්ටමින් සංවිධානය කරනු ලැබූ රාවෝ කැම්පෝරිය 2017 පෙබරවාරි 23 , 24 , 25 , 26 යන සිව් දින පුරාවට කැකිරාව මැදි විදුහල් භූමියේදී පැවැත්වෙන්නට යෙදුණි.
කැකිරාව මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමන් ප්රමුඛ ආචාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් , සමූහ බාලදක්ෂ ආචාර්යතුමන් වන එස්.ඒ.එම්.එස්.සේමසිංහ මහතා , විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ කණ්ඩායම හා කණිෂ්ට බාලදක්ෂයින් විසින් මෙම කදවුර සංවිධානය කොට තිබුණි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා දිස්ත්‍රික්කයෙන් පිට පළාත් ගණනාවක බාලදක්ෂ කණ්ඩායම් විශාල ප්‍රමාණයකින් බාලදක්ෂයින් බාලදක්ෂිකාවන් 400 කට අධික ප්‍රමාණයක් මෙම කදවුරු අත්දැකීම විදගැනීමට සහභාගී වූ අතර කලාවැව් පිටියේ ක්‍රියාකාරකම් , යකාරී අභියෝගාත්මක පාගමන ඇතුළු ධීර ක්‍රියාකාරකම් රාශියකින් සමන්විත අත්දැකීම් ලබා ගන්නට රාවෝ 2017 බාලදක්ෂයින්ට මහගු තෝතැන්නක් වූ බව නිසැකය.
රාවෝ කැම්පෝරි 2017 සමස්ත කදවුරු ශූරතාවය දිනාගන්නා ලද්දේ තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමයි. දෙවන ස්ථානය දඹුල්ල මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂයින් විසින් දිනාගන්නා ලද අතර තුන්වන ස්ථානය කලංකුට්ටිය විද්‍යාලයීය බාලදක්ෂයින් විසින් දිනාගනු ලැබීය.
රාවෝ කැම්පෝරියේ නිළ මාධ්‍ය සහකරු ලෙස SCOUTING MAGAZINE සහ විජය බාලදක්ෂ කදවුර කටයුතු කළේය. කැම්පෝරියේ කිළ ඡායාරූප සහකරු ලෙස මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයීය මාධ්‍ය ඒකකය සහයෝගය දක්වන ලදී.
CAMPOREE MEDIA PARTNERS | SCOUT MEDIA UNIT OF CENTRAL COLLEGE - KEKIRAWA
තවත් පින්තූර නැරඹීම සදහා පහත අධිසන්ධාන උදව් කරගන්න.
www.facebook.com > Scout Group Of Central College Kekirawa