කැකිරාව මැදි විදුහල් බාලදක්ෂයින්ගේ තොරතුරු , පුවත් , ක්‍රියාකාරකම් සහ බාලදක්ෂ තොරතුරු ඇතුළත් නිළ වෙබ් පිටුව වෙත සාදරයෙන් පිළිගනිමු.

Wednesday, September 13, 2017

පදවිය අලිවංගුව බාලදක්ෂයින්ගේ තුන්වන මිත්‍රත්ව කදවුර


                                                                                     අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී බාලදක්ෂ කණ්ඩායමක් වන අ/පදවිය අලිවංගුව විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායම විසින් තුන්වන වරටත් සංවිධානය කරනු ලැබූ මිත්‍රත්ව කදවුර , 2017 ජූනි මස 16,17,18 යන තෙදින පුරාවට පදවිය අලිවංගුව මහා විද්‍යාලයීය ක්‍රිඩා පිටියේදී පවත්වන්නට යෙදුණි. අනුරාධපුර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ සහකාර දිසා කොමසාරිස් ( වැඩසටහන් ) බණ්ඩාර පොඩිනිළමේ මහතා විසින් මෙම කදවුර සංවිධානය කර තිබූ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී බාලදක්ෂ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මෙම මිත්‍රත්ව කදවුර සදහා සහභාගී වූහ. කදවුරේදී බාලදක්ෂයින්ට අභියෝගාත්මක ගවේශණයන් , වනවාසියාගේ ක්‍රමයට ආහාර පිසීම , බාලදක්ෂ සරඹ ක්‍රම , ව්‍යායාම සහ ක්‍රිඩා වැනි අංශයන් පිළිබදව අත්දැකීම් ලබාගන්නට හැකි විය. කදවුරේ ප්‍රධාන ආරාධිතයා උතුරුමැද පළාත් ආණ්ඩුකාර ගරු පී.බී.දිසානායක මහතා වූ අතර මෙහිදී ජනාධිපති බාලදක්ෂයෙකු හට පදක්කම් පැළදවීමක් සහ 2016 වසරේ සාමාන්‍ය පෙළ ඉහළ ප්‍රතිඵළ ලබාගත් දිස්ත්‍රික්කයේ බාලදක්ෂයන් ඇගයීම ද ,බාලදක්ෂ ව්‍යාපාරයට මහගු සේවයක් කළ බාලදක්ෂ ආචාර්යවරුන් ඇගයීම ද ආණ්ඩුකාරතුමන් අතින් සිදුවිය. 



                                                                                       මිත්‍රත්ව කදවුර 2017 තුන්වන ස්ථානය - තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂයින් විසින් දිනාගනු ලැබූ අතර දෙවන ස්ථානය අ/ නිවත්තකචේතිය මහා විද්‍යාලයීය බාලදක්ෂයින් හිමිකර ගනු ලැබීය. කදවුර තුළ සමස්ථ කදවුරු ශූරතාවය කැකිරාව මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂයින් විසින් දිනාගත් අතර කැකිරාව මධ්‍ය විද්‍යාලයේ කවිදු මධුමාධව බාලදක්ෂයා හොදම බාලදක්ෂයා වශයෙන් තේරී පත්විය.කදවුර සදහා අනුරාධපුර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ ගරු දිසා කොමසාරිස් කේ.ඩී.ඒ.සී. දසනායක මහතා , පදක්කම් ලේකම් එන්.ඩී. රැටියල මහතා ,එස්.සී. නවරත්න මහතා ඇතුළු ලී පදක්කම් නායක , නායිකාවන් රැසක් සහභාගී වුහ. කදවුර සංවිධානය කිරීමේදී අනුග්‍රාහකත්වය සැපයූ අනුරාධපුර රෝහලේ විශේෂඥ්‍ය වෛද්‍ය , රජරට විශ්ව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්‍ය කිත්සිරි සේනානායක මහතා ඇතුළු සෙසු අනුග්‍රාහකයින්ටත්, නන් අයුරින් උපකාර වූ සැමටත් ස්තුතිය පළකර සිටිමු. තවත් මෙවැනි කදවුරු සංවිධානය කරමින් අනුරාධපුර දිස්ත්‍රික් බාලදක්ෂයින්හට අත්දැකීම් ලබාදෙන්නට සහකාර දිසා කොමසාරිස් බණ්ඩාර පොඩිනිළමේ මහතාට ධෛර්‍ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.





ඔබට ආනන්දනීය වික්‍රමයක්ම වේවා ....

කැකිරාව මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂයින්ගේ වෙසක් සැමරුම


වෙසක් සැමරුම 2017


කැකිරාව මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂ සමූහය විසින් වෙසක් උත්සවය මූලික කරගනිමින් අලංකාර වෙසක් කූඩු ප්‍රදර්ශණයක් වෙසක් උත්සවය පැවති දින කිහිපය තුළ එම විද්‍යාලය ඉදිරිපිට ප්‍රදර්ශණය කළේය. මෙහිදී සිදුහත් උපත සිහිගන්වමින් අලංකාර ලෙස නෙළුම් මල් හතක් ඔවුන් විසින් නිර්මාණය කර තිබුණී.

 ජායාරූප :- Scout Group Of Central College Kekirawa [ Facebook ]
තොරතුරු සැපයීම :- කවිදු මධුමාධව සෙනෙවිරත්න







Tuesday, February 28, 2017

කැකිරාව මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂයින්ගේ රාවෝ කැම්පෝරිය - 2017


රටපුරා විසිරී සිටින බාලදක්ෂයින්ගේ කුසලතා ආකල්ප වැඩිදියුණූ කරමින් බාලදක්ෂයින් පුරෝගාමී ධීර ක්‍රියාකාරකම් ආශ්‍රිත එළිමහන් ජීවිතයකට හුරුකිරීම අරමුණු කරගනිමින් කැකිරාව මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂ සමූහය මගින් දීපව්‍යාප්ත මට්ටමින් සංවිධානය කරනු ලැබූ රාවෝ කැම්පෝරිය 2017 පෙබරවාරි 23 , 24 , 25 , 26 යන සිව් දින පුරාවට කැකිරාව මැදි විදුහල් භූමියේදී පැවැත්වෙන්නට යෙදුණි.


කැකිරාව මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් , සමූහ බාලදක්ෂ ආචාර්යතුමන් වන එස්.ඒ.එම්.එස්.සේමසිංහ මහතා , විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ කණ්ඩායම හා කණිෂ්ට බාලදක්ෂයින් විසින් මෙම කදවුර සංවිධානය කොට තිබුණි. 



අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා දිස්ත්‍රික්කයෙන් පිට පළාත් ගණනාවක බාලදක්ෂ කණ්ඩායම් විශාල ප්‍රමාණයකින් බාලදක්ෂයින් බාලදක්ෂිකාවන් 400 කට අධික ප්‍රමාණයක් මෙම කදවුරු අත්දැකීම විදගැනීමට සහභාගී වූ අතර කලාවැව් පිටියේ ක්‍රියාකාරකම් , යකාරී අභියෝගාත්මක පාගමන ඇතුළු ධීර ක්‍රියාකාරකම් රාශියකින් සමන්විත අත්දැකීම් ලබා ගන්නට රාවෝ 2017 බාලදක්ෂයින්ට මහගු තෝතැන්නක් වූ බව නිසැකය.


රාවෝ කැම්පෝරි 2017 සමස්ත කදවුරු ශූරතාවය දිනාගන්නා ලද්දේ තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂ කණ්ඩායමයි. දෙවන ස්ථානය දඹුල්ල මධ්‍ය විද්‍යාලයීය බාලදක්ෂයින් විසින් දිනාගන්නා ලද අතර තුන්වන ස්ථානය කලංකුට්ටිය විද්‍යාලයීය බාලදක්ෂයින් විසින් දිනාගනු ලැබීය.


රාවෝ කැම්පෝරියේ නිළ මාධ්‍ය සහකරු ලෙස SCOUTING MAGAZINE සහ විජය බාලදක්ෂ කදවුර කටයුතු කළේය. කැම්පෝරියේ කිළ ඡායාරූප සහකරු ලෙස මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයීය මාධ්‍ය ඒකකය සහයෝගය දක්වන ලදී.

CAMPOREE MEDIA PARTNERS | SCOUT MEDIA UNIT OF CENTRAL COLLEGE - KEKIRAWA


තවත් පින්තූර නැරඹීම සදහා පහත අධිසන්ධාන උදව් කරගන්න.

                                    The Media Unit Of St. Thomas College Mathale